udayanga-weeratunga

උදයංග අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කිරිමේ තීන්දුව සිකුරාදා

රුසියාවේ හිටපු ශ්‍රී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා අන්තර්ජාතික පොලීසිය මගින් වරෙන්තුවක් නිකුත් කිරීම පිළිබද තීන්දුව ලබන සිකුරාදා(30) ප‍්‍රකාශයට පත්කෙරෙනවා. ඒ බව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(26) කියා සිටියා. ශ්‍රී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් උදය වීරතුංගට එරෙහිව නඩුව ගොනුකර තිබෙනවා. උදයංග වීරතුංග අධිකරණය මගහරිමින් විදෙස්ගතව සිටින බවයි භෙලිවුණේ. ඔහුට නොතීසි භාරදීමට උත්සාහ කලත් එය අසාර්ථක වූ බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සදහන් කළා. විද්‍යුත් තැපෑල මගින්ද නොතීසි භාරදීමට උත්සාහ කර තිබුණා. මෙම සියලු අවස්ථාවල උදයංග වීරතුංග සිටින ස්ථානය තහවුරු කරගැනිමට නොහැකිවීම නිසා අන්තර්ජාතික පොලීසිය මගින් වරෙන්තු නිකුත් කිරීමටයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Your comments make us happy.

Leave a comment, get a kitten!