_91389227_thisonesigning

කොලොම්බියාව සටන් විරාමයට අත්සන් තබයි

කොලොම්බියා රජය සහ ෆාක් කැරලිකරුවන් සටන් විරාම ගිවිසුම අත්සන් කළා. වසර 52 ක සිවිල් යුද්ධය අවසන් කිරීමයි අපේක්ෂාව. දෙපාර්ශවයේ එකඟතාව ඒ සඳහා ලැබී තිබෙනවා. වසර හතරකට ආසන්න කාලයක් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. කොලොම්බියාවේ සිවිල් යුද්ධය හේතුවෙන් මියගිය සංඛ්‍යාව දෙලක්ෂ හැට දහසක්. ලක්ෂ හයක පිරිසක් අභ්‍යන්තරව අවතැන් වුණා. ඔවුන්ට සහන සැලසීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ හැකි බවයි රජයේ පාර්ශවය සඳහන් කළේ. සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය සඳහා දෙස් විදෙස් නියෝජිතයන් 2500 කට වැඩි පිරිසක් සහභාගි වුණා. ලතින් ඇමරිකා රටවල රාජ්‍ය නායකයන් ද ඊට ඇතුළත්. ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමටත් කොලොම්බියාව තීරණයකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Your comments make us happy.

Leave a comment, get a kitten!