කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් සුපිරි ප‍්‍රතිලාභ රැසක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ඉදිවන කොළඹ වරාය නගරයේ පළමු අදියර මාස 39 කින් අවසන් කිරීමට තිරණය කෙරේ. දේශීය සහ විදේශීය ඉංජිනේරුවන්ගේ දැනුම යොදා ගනිමින් ඉදිවන මෙය මුහුද ගොඩකර ඉදිවන පළමු නගරය ලෙස සැලකෙයි. කොළඹ ගාලු මුවදොර අභියසින් මුහුද ගොඩකර ඉදිවන මෙම භූමිය භෙක්ටයාර 233 කින් සමන්විත වෙයි. නවීන පන්නයේ හෝටල් සංකීර්ණ , නිවාස සංකීර්ණ , ආපනශාලා, උද්‍යාන , ජල තටාක ඇතුළු දේශ්‍රීය සහ විදේශීය සංචාරක ආකර්ෂනය ලබාගත හැකි පරිදි කොළඹ වරාය නගරය ඉදිකෙරේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ නාවික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී‍්‍ර ලංකාව පත්කිරීම රජයේ ඉලක්කයයි. නෞකා සදහා සේවා සපයන මධ්‍යස්ථානයක් බවට කලම්බු පෝට් සිටි භෙවත් වරාය නගරය පත්වනු ඇතැයි ශ්‍රී‍්‍ර ලංකා පදනම් ආයතනයේ සභාපති ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කරයි. චීන ශ්‍රී‍්‍ර ලංකා රාජ්‍ය නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් වරාය නගරයේ ඉදිකිරීම් පෙරවරුවේ ආරම්භ කෙරිණ. සමරුඑලකය විවෘත කිරීමෙන් පසු රාජ්‍ය නායකයන් දෙපළ එහි නිරීක්ෂන චාරිකාවකටද එක්වුහ. මුහුද ගොඩකිරීමේ කි‍්‍රයාවලිය ආරම්භ කරමින් නෞකාවක් මගින් වැලි පිරවීම පෙරවරුවේ සිදුවිය. මෙම ව්‍යාපෘතියෙන් නව රැකියා අවස්ථා ලක්ෂ හතරක් පමණ උත්පාදනය වනු ඇතැයි වරාය අධිකාරියේ සභාපති පි‍්‍රයත්බන්දු වික‍්‍රම මහතා පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Your comments make us happy.

Leave a comment, get a kitten!