jfffs

පළාත් සභා මැති ඇමතිවරුන්ට කොන්දේසියක්

පළාත් සභා නියෝජිතයන් විදෙස්ගත වීමේදී අනිවාර්යයෙන් භාණ්ඩාගාර අනුමැතිය ලබාගත යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. පසුගිය වසර විස්සකට වැඩි කාලයක සිට පළාත් සභාවල මැති ඇමතිවරුන් රජයේ මුදලින් විදෙස්ගතවීම අඛණ්ඩව සිදුවී තිබෙනවා. මේ වනවිටත් මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී කණ්ඩායමක් විදෙස් සංචාරයකට ගොස් සිටින බවයි වාර්තා වුණේ. මධ්‍යම පළාත් සභාවේ නියෝජිතයන් සඳහා විශාල මුදලක් වැයවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් වී නොමැති බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ලබන වසරේ සිට එවැනි අධ්‍යයන චාරිකා සඳහා පළාත් සභා නියෝජිතයන් විදෙස්ගත වීමේදී රාජ්‍ය භාණ්ඩාගාර අනුමැතිය ලබාගත වනවා. මේ වසරේ ඉදිරි කාලසීමාව සඳහා ද එය බලපැවැත්වෙන බවයි මාධ්‍ය අංශය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Your comments make us happy.

Leave a comment, get a kitten!