major-general-415x260

රටේ ආරක්ෂාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරනවා

රටේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම කැපවීමෙන් කටයුතු කරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් කි‍්‍රශාන්ත ද සිල්වා මහතා අවධාරණය කළා. රටේ ජනතාවගේ සහ දේපලවල ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමයි යුධ හමුදාවට පැවරී තිබෙන්නෙ. ඒ වෙනුවෙන් උපරිමයෙන් කි‍්‍රයාකරන බව යුධ හමුදාපතිවරයා මහනුවරදී මාධ්‍යවේදින් අමතමින් සදහන් කළා. යුධ හමුදාවේ 67වන සමරුවට සමගාමීව පූජනීය දළදා වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබාගැනීම පෙරවරුවේ සිදුවුණා. යුධ හමුදාවේ ධජ වලට ආශිර්වාද ලබාගැනිමත් එහි අරමුණක්. සෑම වසරකම යුධ හමුදා දිනය වෙනුවෙන් සිදුකෙරෙන වැඩසටහනේ පළමු අංගය දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Your comments make us happy.

Leave a comment, get a kitten!