සංචාරක කර්මාන්තයේ මහා පරිමාණ ප‍්‍රවර්ධන වැඩපිළිවෙලක් සැලසුම් කෙරේ. මේ වසරේ සිට වසර දෙකක් සදහා එම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීම නියමිතයි. ඒ සදහා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අමාත්‍ය කෙභෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි ප‍්‍රකාශ කළේය. ග‍්‍රාමිය පාලම් ඉදිකිරිමේ 11 වන අදියරේදි පාලම් 537 ක් ඉදිකරන බව රජය පවසයි. එක්සත් රාජධානිය මෙන්ම එරට ඩච් බැංකුව මෙම ව්‍යාපෘතිය සදහා සියයට සියයක මූල්‍යාධාර ලබාදෙයි. 2011 වසරේදි ආරම්භ කළ ග‍්‍රාමිය පාලම් ඉදිකිරිමේ වැඩපිළිවෙල යටතේ පවුල් එක් ලක්ෂ විසි දහසකට පමණ සෙත සැලසේ.