දිස්ති‍්‍රක්ක ගණනාවකට බලපා ඇති වියළි කාලගුණය මේ මස අග දක්වා පැවැතිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයට. පවුල් දාහතර දහස් තුන්සිය හතළිස් අටක් එම දිස්ති‍්‍රක්කයේ පීඩාවට පත්ව සිටිනවා. අනුරාධපුර, වවුනියාව, යාපනය සහ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයට ද නියඟය බලපා ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. මේ හේතුවෙන් ප‍්‍රධාන ජලාශ රැසක ජල මට්ටම පහළ බැස තිබෙනවා. එම දිස්ති‍්‍රක්කවල ජනතාවට ජලය බෙදාහැරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තාවන්නේ. වන සතුන් ජලය සොයා ගම්මාන වලට පැමිණෙන බව වනජීවී දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඔවුන්ට කෘතිම ආහාරදීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. සතුන්ට අවශ්‍ය ජලය සැපයීමට පියවර ගෙන තිබෙනවා.