වියළි කාලගුණයෙන් දිස්ත‍්‍රික් හයකට බලපෑම් එල්ල වුණා. බොහෝ පිරිසකට පානීය ජල ගැටලු ද මතුව ඇති බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ. ගැටලුව විසඳීමට හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසුවා. පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්කයන්ට මෙම තත්වය වැඩි වශයෙන් බලපා තිබෙනවා. එම දිස්ත‍්‍රික්කයන්හි පවුල් විසිතුන් දහසකට වැඩි සංඛ්‍යාවකට ඉන් ගැටලු මතුව ඇති බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. වනාන්තරවල ජීවත්වන සතුන් ද මහත් අසීරුතාවකට පත්ව ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දී ඇත්තේ.